hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අගෝස්‍තු 22, ප.ව. 4:23



භූමිතෙල් මිල වැඩි වීම සුළුපන්න ධිවර කාර්මිකයින්ට දරාගත නොහැකි බවත් ඉදිරියේ දී සුළු පන්න ධීවර කර්මාන්තය දැඩි කඩා වැටීමකට ලක්විය  හැකි බව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පවසයි.

ගාල්ලේ දි පැවති මාධ්‍ය හමුවකදි භූමිතෙල් මිල වැඩිවිම පිළිබද අදහස් දක්වමින් මෙසේ ද සඳහන් කළා.

“භූමිතෙල් මිල වැඩිකරලා රජය විසින් සුළු පන්න ධිවර කාර්මිකයාට කනේ පහරක් ගහලා තියෙනවා. භූමිතෙල් ලීටරයක මිල සියයට 291කින් වැඩිවෙලා තියෙනවා. සුළුපන්න ධීවර කාර්මිකයෙකු දිනකට භූමිතෙල් ලිටර් 40ක්  භාවිතා කළහොත්  භූමිතෙල් සදහා දිනකට අමතර  වියදමක් ලෙස රුපියල් 10,000ක මුදලක් වැය කිරිමට සිදු වෙලා තියෙනවා. මෙරට  භූමිතෙල් යොදා ගෙන ධිවර කර්මාන්තයේ නිරතවන ධිවර බෝට්ටු 25,500ක් තියෙනවා. සෘජුව හා වක්‍රව ලක්ෂ 05ක පිරිසක්  සුළුපන්න ධිවර කර්මාන්තයේ නිරතව සිටිනවා. භූමිතෙල් හිගයක් ඇති කරලා ආණ්ඩුව උපක්‍රමශිලි ලෙස භූමිතෙල් මිල වැඩි කලා. මේ විදියට ගියහොත්  සුළුපන්න ධිවර කර්මාන්තය නැත්තටම නැතිවේවි. පෙර පැවති මිලට භූමිතෙල් ලබා දෙන්න කියලා අපි රජයට බලකරනවා. ඉදිරියේ දි භූමිතෙල් මිල වැඩිවිමට එරෙහිව ධිවර කාර්මිකයින් සමග එක්වි  අරගලයක් දියත් කිරිමට ද බලාපොරොත්තු වෙනවා.”

ගාල්ල – ලලිත් චාමින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: