hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 දෙසැම්‍බර් 17, ප.ව. 1:10



බිත්තර සඳහා උපරීම මිලක් නියම කරමින් පනවා තිබූ ගැසට් නිවේදනය අත්හිටවීමත් සමඟ වෙළඳපොළේ බිත්තර මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

පාරිභෝගික අධිකාරිය විසින් බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ගැසට්ටුවට එරෙහිව අභියාචනාධිකරණය අතුරු තහනමක් පැනවීමත් සමඟ මේ වනවිට වෙළඳපොළ තුළ බිත්තර මිල ඉහළ ගොස් තිබෙනවා.

මින් පෙර රුපියල් 50ක උපරීම සිල්ලර මිලකට අලෙවිවූ බිත්තරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 55ත් 65ත් අතර මිලකටයි.

උත්සව සමය හේතුවෙන් බිත්තර සඳහා ඉහළ ඉල්ලුමක් පැවතියද මේ වනවිට වෙළඳපොළේ බිත්තර හිගයක්ද මතුව තිබෙනවා.

ඉහළ මිළ ගණන් යටතේ අලෙවි කිරීම සඳහා වෙළෙඳුන් බිත්තර සඟවා තබාගෙන සිටින බවටද පාරිබෝගිකයින් චෝදනා කරනවා.

උත්සව සමයේ වැඩි ඉල්ලුමක් පවතින කේක් මිලද ඉහළ ගොස් ඇත්තේ බිත්තර මිල ඉහළ යාම හේතුවෙන්.