hit counter

2025 ජනවාරි මස 04 වන සෙනසුරාදා

2022 මැයි 19, ප.ව. 3:57



යම් පුද්ගලයෙකු සන්තකයේ තබා ගත හැකි ඩොලර් ප්‍රමාණය අඩුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසූවේ ශ්‍රී ලංකාව තුළ වෙසෙන නේවාසිකයෙකුට හෝ ආයතනයකට තම සන්තකයේ නෝට්ටු ලෙසින් තබා ගත හැකි විදෙස් මුදල් ප්‍රමාණය ඩොලර් 15,000 ක් බවත් එම සීමාව ඩොලර් 10,000 දක්වා අඩු කිරීමට සලකා බලමින් සිටින බවයි.

ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ අද (19) පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව සඳහන් කළා.

ඩොලර් හිඟයට විසඳුමක් ලෙස මෙම පියවර ගන්නා බව හෙතෙම ප්‍රකාශ කළා.

එසේ උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි ඩොලර් නෝට්ටු තම සන්තකයේ ඇත්නම් ඒවා බැංකු පද්ධතියට එක් කිරීමට හෝ රුපියල් බවට පරිවර්තනය කිරීමට සති දෙකක කාලසීමාවක් ලබා දෙන බවයි අධිපතිවරයා කියා සිටියේ.

මේ අනුව යම් පුද්ගලයෙකු සන්තකයේ ඩොලර් 10,000 ක විදෙස් නෝට්ටු ප්‍රමාණයක් තිබුණ ද ඔහු/ඇය ඒවා උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට බැඳී සිටිනු ඇත. එසේ නැතහොත් විදේශ විනිමය පනත ප්‍රකාරව ඔහු/ඇය දන්ඩණයකට ලක් කළ හැකිය.

පවතින නීතිය අනුව කුමන ආකාරයකින් හෝ ඩොලර් 15,000 කට වඩා වැඩි ප්‍රමාණයක විදෙස් මුදල් නෝට්ටු සන්තකයේ තබා ගැනීම නීති විරෝධී වනු ඇත.