hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 නොවැම්‍බර් 08, ප.ව. 4:44


දිස්ත්‍රික්ක 7 කට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක 7 කට බලපැවැත්වෙන පරිදි අද පස්වරු තුනේ සිට හෙට පස්වරු 3 දක්වා නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලටයි මෙම නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත්තේ.