hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ඔක්‍තෝබර් 15, ප.ව. 1:50


වරකාපොළ පස්කන්දට යටවූ තරුණයාගේ සිරුරත් සොයා ගැනේ

වරකාපොළ ප්‍රදේශයේ නිවසකට ඊයේ (14) පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අතුරුදන් වූ 24 හැවිරිදි තරුණයාගේ සිරුර ද මීට ටික වෙලාවකට පෙර සොයාගෙන තිබෙනවා.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් අගුරුවැල්ල වරකාපොල මාර්ගයේ කොස්වත්ත හන්දිය ආසන්නයේ තුඹලියද්ද ප්‍රදේශයේ පස්කන්දක් කඩාවැටීම හේතුවෙනුයි මෙම අනතුර සිදු වුණේ.

8 වන සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ප්‍රදේශවාසීන්ගේ සහය ද ඇතිවඊයේ සිට මුදාගැනීමේ කටයුතු ආරම්භ කළ අතර පවුලේ පියා ඊයේ දිනයේම බේරාගෙන රෝහල් ගත කෙරුණා.

අද පෙරවරුවේ මවගේ සිරුර සොයාගත් අතර මීට ටික වෙලාවකට පෙර 24 හැවිරිදි පුත්‍රයාගේ සිරුර ද සොයාගෙන තිබෙනවා.