hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අගෝස්‍තු 04, ප.ව. 5:00


කොටුව-බදුල්ල දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කරයි

උඩරට දුම්රිය මාර්ගයේ නාය යාම හේතුවෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර සීග්‍රගාමී දුම්රිය ගමන් මාර්ගයේ ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යධිකාරි(ගමනාගමන) ඒ. ඩී. ජී සෙනවිරත්න මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව අද  රාත්‍රී 8.30ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා සහ පස්වරු 6.00ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී සීඝ්‍රගාමී දුම්රියන් සහ හෙට දින කොළඹ කොටුව සිට බදුල්ල දක්වා පෙරවරු 5. 55, 8.30, 9.45 ට ධාවනය වීමට නියමිත දුම්රිය යන සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත පෙරවරු 5.45, 8.30, 10.15 ට ධාවනය වීමට නියමිත දුම්රිය අවලංගු කරන බවත් ඔහු සඳහන් කළා.