hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූනි 26, ප.ව. 3:20


ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට

පෙට්‍රල් මිල ඉහළ යෑම හේතුවෙන් දෙවැනි කිලෝමීටර සඳහා අය කළ රුපියල් 80 රුපියල් 90 දක්වා රුපියල් 10 කින් ඉහළ දැමූ බව බවත් සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවා.

පළමු කිලෝමීටර සදහා අයකළ රුපියල් 100 යේ ගාස්තුව ඉහළ නොදැමූ බවත් ත්‍රිරෝද රථ සඳහා ස්ථිර ගාස්තුවක් නියම කිරීම සදහා බලධාරීන් ඉක්මණින් මැදිහත් වියයුතු බවත් ධර්මසේකර මහතා පැවසුවා.

ත්‍රිරෝද රථ රියදුරන්ට ඉන්ධන වැඩි මිලට විකුණලා බවට චෝදනා එල්ල වුවත් දින ගණන් පෝලිමේ සිට ලබා ගන්නා ඉන්ධන තමන්ගේ වෘත්තීය කර ගැනීමට පවා ප්‍රමාණවත් නොවන බවයි ඔහු පවසන්නේ.

පෝලිමේ දින ගණන් සිටින විට එයට මුදලක් එකතු නොවන බව ද ඔහු පෙන්වා දෙනවා.

මෙම නව මිල ගණන් ‍ත්‍රිරෝද රථයේ සඳහන් කර මගියාට පෙන්වීමට සැලැස්විය යුතු බවද ඔහු ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.