hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ඔක්‍තෝබර් 25, ප.ව. 8:00


ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

20/20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අද (25) පැවැති තරගය ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත්කරමින්.

තරගයේ කාසිය වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කාණ්ඩායමට ලබාදී තිබුණා.

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 157ක් රැස් කළා.