hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 25, ප.ව. 4:58


අන්තරේ භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු සිරිධම්ම හිමි ජාතික රෝහලට

ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් හදිසියේම රෝගාතුරවීම හේතුවෙන් අද (25) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දින කිහිපය පුරා පවතින උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වනවා.

ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්ත පනත යටතේ ඉකුත් අගෝස්තු මස අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග යටතේ ත්‍රස්තාවාදී විමර්ශන කොට්ඨාසයේ නාරාහේන්පිට පිහිටි ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා.