2022 ඔක්‍තෝබර් 23, ප.ව. 4:32
කටුනායක , ආඬිඅම්බලම ප්‍රදේශයේ දී, පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (23) සවස 2.30ට පමණ මීගමුව ඔරලෝසු කණුව අසල දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු රන් මාලයක් කොල්ල කා පළා යන අවස්ථාවේ දී පොලීසිය ඔවුන් පසුපස හඹා ගොස් තිබෙනවා.
එහිදී යතුරුපැදියේ ගිය පුද්ගලයින් විසින් පොලීසියට වෙඩි තබා ඇති අතර, එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී යතුරුපැදියේ ගමන්ගත් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබුණා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 22ක් වූ තරුණයෙක් බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.
අනෙක් පුද්ගලයා ද මේ වනවිට තුවාල ලබා මීගමුව රෝහල ට ඇතුළත් කර තිබෙනවා.