hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 දෙසැම්‍බර් 01, ප.ව. 3:08


පාසල් නිවාඩුව ලැබෙන්නේ මෙහෙමයි

මෙවර දෙවන වාරය සහ තුන්වැනි වාරය සඳහා පාසල් නිවාඩු ලබාදෙන ආකාරය අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2022 වර්ෂයේ පාසල් දෙවන වාරය අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

තුන්වන වාරය ලබන 05 වනදා ආරම්භ වන අතර එය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව එහි පළමු අදියර 05 වනදා සිට ලබන 22 වනදා දක්වා පාසල් පැවැත්වෙනවා.

23 වනදා සිට ලබන වසරේ (2023) ජනවාරි 01 දා දක්වා යළි පාසල් නිවාඩුව ලබාදෙන අතර දෙවන අදියර යටතේ ජනවාරි 02 වනදා සිට 20 වනදා දක්වා යළි පාසල් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ජනවාරි 21 වනදා තුන්වන වාරය සඳහා යළි නිවාඩු දෙන පාසල්, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හේතුවෙන් පෙබරවාරි 19 වනදා දක්වා නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.

තුන්වන අදියර යටතේ යළි පාසල් ආරම්භ වන්නේ පෙබරවාරි 20 වනදායි.