hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 දෙසැම්‍බර් 11, ප.ව. 2:01


පාසල් ඇරඹීම ගැන නිවේදනයක්

අයපහත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබාදී තිබුණු සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට (12) දින නැවත අරඹන බව අධ්‍යාපන බලධාරීන් දැනුම් දෙනවා.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් කළ විමසීමක් අනුව පැවති දේශගුණ තත්ත්වය මත පසුගිය සිකුරාදා (09) දින රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කළේ.