hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූලි 24, ප.ව. 12:43


දකුණු පළාතේ පාසල් ගැන තීරණයක් ගනී

දකුණු පළාත් සභාව මගින් පාලනය වන සියලුම පාසල් හෙට (25) සිට 29 වැනි දින දක්වා කාලය තුල සතියේ දින පහ තුලම  පැවැත්විමට තින්දු කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

ඉන්ධන අර්බුදය නිසා ඇතිවි තිබෙන ප්‍රවාහන ගැටළුව  හේතුවෙන් පාසල්වලට පැමිණිමට අපහසු විදුහල්පතිවරුන්, නියෝජ්‍ය හා සහකාර විදුහල්පතිවරුන්, ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්යමණ්ඩල සාමාජිකයින් පිළිබද මෙහිදි අවධානය යොමුකළ ඔහු සඳහන් කළා.

ඒ අනුව ඔවුන්ට සතියට දින දෙකක්  විශේෂ නිවාඩු ලබා දෙන බවත් එමගින් අදාල නිලධාරින්ගේ පුද්ගලික නිවාඩුවලට කිසිදු බලපෑමක් සිදු නොවන බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි.

මෙහිදි පාසල්වල විදුහල්පතිවරුන්, නියෝජ්‍ය හා සහකාර විදුහල්පතිවරුන්, ගුරුභවතුන් හා අනධ්‍යයන කාර්යමණ්ඩල සාමාජිකයින් කොටස් වශයෙන් සතියට දින තුනක් කැදවිමට තින්දුකළ බවද රංජිත් යාපා මහතා පවසයි.

ගාල්ල – ලලිත් චාමින්ද