hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූලි 02, ප.ව. 7:05


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එම නිවේදනයට අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ගැන අනතුරු ඇඟවීමක් කර තිබෙන්නේ.

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රියවීම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බව අදාළ නිවේදනයේ සඳහන්.

ඒ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ රළු සිට ඉතා රළු දක්වා වූ ස්වභාවයක් ගනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.

තවද ඉහත දක්වා ඇති ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5ක් හෝ 3.5ක් පමණ ඉහළයෑමේ හැකියාවක් පවතින බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.