hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූලි 09, ප.ව. 1:56


අගමැති ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙන බව වාර්තා වෙනවා.

එසේම අග්‍රාමාත්‍යවරයා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙසයි.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එමගින් ඔවුන් ඉල්ලා ඇත්තේ වහාම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසටයි.

මෙම ලිපියට මැති ඇමතිවරුන් වන ඩලස් අලහප්පෙරුම, චන්න ජයසුමන, වසන්ත යාපා බණ්ඩාර මහතා ආදිහු ද අත්සන් තබා තිබෙනවා.

මෙම තත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මේ වනතෙක් කිසිවක් ප්‍රකාශයට පත් කර නැත.