hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 21, පෙ.ව. 8:49


රඹුක්කන ඇඳිරි නීතිය ඉවතට

රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

ඒ අනුව අද (21) අලුයම 5.00 සිට රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර තිබෙනවා.

පෙරේදා(19) රාත්‍රී කාලයේ සිට රඹුක්කන ප්‍රදේශයේ ඇති වූ කලහාකාරී සිද්ධිය හේතුවෙන් රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය පනවනු ලැබුවා.