hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 මාර්තු 19, ප.ව. 7:36


පෙළපාලිය අවසන් වනතුරු සජිත් පිල රැක්ක රහස

මේ වන විට පිට පිටම පක්ෂ දෙකක් පැවැත් වූ විරෝධතාව අවසන්වූයේ ජනපති ලේකම් කාර්යාලය වට කිරීමෙන්.

ප්‍රථමයෙන්ම ජනපති ලේකම් කාර්යාලය වට කළේ ඉකුත් 15 දා සමගි ජන බලවේගය කොළඹදී පැවැත්වූ විරෝධතාවයේදී.

ගමනාන්තය රහසක්

එහිදී එම විරෝධතා පෙළපාලියේ ගමනාන්තය අවසාන මොහොත වෙනතෙක්ම රහසක් ලෙස තබා ගැනීමට සමගි ජන බලවේගය නායකයින් තීරණය කොට තිබෙනවා.

ඒ ඊට පෙර දින (14) පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පැවති සාකච්ඡාවකදී.

ජනපති ලේකම් කාර්යාලය අසලට පැමිණෙන බව දැනගතහොත් ආණ්ඩුව ඊට බාධා පමුණුවා කඩාකප්පල් කරනු ඇති බවට සාකච්ඡාවේදී අවධානයට ලක්ව තිබෙනවා.

තීරණය අන්තිම මොහොතේ

ඒ අනුව විරෝධතාවයට පෙරදින රාත්‍රී 9:30 පමණ වන තෙක්ම විරෝධතා පෙළපාලියේ අවසාන ඉලක්කය තීරණය කොට නැහැ.

එම ස්ථානය පෙළපාලිය යන අතරතුර දැනුම් දීම වඩාත් සුදුසු බවටයි සංවිධායකවරුන් තීරණය කොට තිබෙන්නේ.

ඒ අනුව ජනපති ලේකම් කාර්යාලය වෙත විරෝධතා පෙළපාලි වලට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙන්නේ අවසන් මොහොතේ.