hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 15, ප.ව. 1:06


විරෝධතා භූමියේ උණුසුම් තත්ත්වයක්

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට හඬ නගමින් ගාලු මුවදොර පැවැත්වෙන මහාජන විරෝධතාව අද (15) අඛණ්ඩව 7 වන දිනටත් පැවැත්වෙනවා.

මෙම මහජන විරෝධතා භූමියට ආණ්ඩුවට සහය දක්වන පිරිසක් මේ වන විට ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.

අලුතින් ඇතුළු වූ පිරිස ආණ්ඩුවට අස්විය යුතු බව කියන පිරිසට එරෙහි සටන් පාඨ කියමින් සිටින බවද වාර්තා වෙනවා.

මේ හේතුවෙන් විරෝධතා භූමියේ යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මේ වන විට මතුවෙමින් පවතින බවද වාර්තා වෙනවා.