hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූලි 28, පෙ.ව. 10:31


ගම්පහ උසාවිය ළඟදී වෙඩි වැදුණු පස් පොඩ්ඩා මරුට

ගම්පහ මහාධිකරණය ඉදිරිපිටදී අද දහවල් සිදු වූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයෙහි ප්‍රතිකාර ලබමින් සිටි අපරාධ කිහිපයකට සම්බන්ධ බව කියන සමන් රෝහිත පෙරේරා නොහොත් “පස් පොඩ්ඩා” නමැත්තා මියගිය බව පොලිසිය කියයි

මෙම තැනැත්තා සමග වෙඩි ප්‍රහාරයට ලක් වූ තවත් තිදෙනෙකු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා සඳහන් කළා.