2022 අප්‍රේල් 22, පෙ.ව. 10:58
පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තබමින් කථානායකවරයා මීට ටික වේලාවකට පෙර සිය අසුනින් නැගිට ගියා.
ඒ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම කථානායකවරයාගේ ඉල්ලිම් නොසළකා හරිමින් සභාව පවත්වාගෙන යාමට බාධා කරන බවට චෝදනා කරමින් .
කථානායකවරයා විපක්ෂනායකවරයාගේ ප්‍රකාශය අතරමැද අවස්ථා කිහිපයක දි තමන් සභාව කල් තබමින් සභාවෙන් ඉවත්ව යන බවට ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් විපක්ෂ නායකවරයා දිගින් දිගටම සිය ප්‍රකාශය ඉදිරිපත් කිරීම හේතුවෙන් කථානායකවරයා සභාව කල් තබමින් අසුනින් නැගිට ගියා.