hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 29, ප.ව. 4:58


විශේෂ තීන්දු කිහිපයක් ගත්තා – මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

බැංකු ක්‍රමයට පිටතින් උන්ඩියල් සහ හවාලා යන ක්‍රමවේද ඔස්සේ විදේශ විනිමය හුවමාරු සම්බන්ධයෙන් තීරණ ගත යුතුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

මේවන විට පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසුවේ, බැංකු ක්‍රමවේදයට පිටතින් ගොස් භාණ්ඩ ආනයනය සඳහා ඉහත ක්‍රමවේද ඔස්සේ විදෙස් විනිමය ගෙවීම සිදු කෙරෙන බව හඳුනාගෙන ඇති බවයි.

ඉක්මනින් චක්‍රලේඛයක් නිකුත් කර එය පාලනය කිරීම සඳහා කටයුතු කරන බව මහ බැංකු අධිපතිවරයා කියා සිටියා.

“භාණ්ඩ ආනයනය කරන අය සහ විදෙස් මුදල් මෙරටට එවන අය එය බැංකු පද්ධතිය හරහා කරන්න. එවිට බැංකු පද්ධතියට ඩොලර් ලැබෙනවා. එවිට එය ආර්ථිකයට හොඳයි.” යනුවෙන් ද ඔහු සඳහන් කළා.

කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් රජයේ අනවශ්‍ය වියදම් කපා හැරීමට නියමිත බවත් මහ බැංකු අධිපතිවරයා කියා සිටියා.