2022 මාර්තු 19, ප.ව. 7:30
වෙළඳපොලේ ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල මේ වනවිට රුපියල් 250කින් ඉහළ දමා තිබෙනවා.
මෙතෙක් රුපියල් 540ට අලෙවි වූ ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල දැන් සටහන් වන්නේ රුපියල් 790ක් ලෙසයි.
මේ අතර, දේශීය වශයෙන් නිෂ්පාදිත ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල ද රුපියල් 625 දක්වා ඉහළ නංවා තිබෙනවා.
මෙම නව මිල සඳහන් නිෂ්පාදන දැනටමත් වෙළඳපොලට නිකුත් කර ඇති බවයි ඒෂියන් මිරර් වාර්තාකරුවන් සඳහන් කළේ.
අදාළ කිරිපිටි සමාගම් මේ දක්වා නිල වශයෙන් අදාළ මිල වැඩි කිරීම් පිලිබඳ මාධ්‍යයට ප්‍රකාශ නොකළ ද වැඩිකළ මිල ගණන් ද ඇතුළත්ව සංශෝධිත මිල සහිත කිරිපිටි වෙළඳපොලට නිකුත් කර ඇති බවයි අනාවරණ වන්නේ.