2022 දෙසැම්‍බර් 04, ප.ව. 7:16
“මේක නෙමේ ජීවිතේ, ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු” යන තේමාව මුල් කරගනිමින් සමාජවාදී තරුණ සංගමය අද (04) පස්වරුවේ කුරුණෑගල නගර මධ්‍යයේ දී විරෝධතාවක් සංවිධාන කර තිබුණා.
ඒ සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වුණේ .
විරෝධතාකරුවන් මිනී පෙට්ටියක් ද ඔසවාගෙන කුරුණෑගල ඔරලෝසු කණුව ඉදිරිපිට විරෝධතාවයේ නියැලී පසුව කුරුණෑගල – කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ විරෝධතා පා ගමන ආරම්භ කොට තිබෙනවා.
කුරුණෑගල මූලස්ථාන පොලීසිය ඉදිරිපිට දී පොලිස් නිලධාරින් විරෝධතා පෙළපාලිය ට බාධා කළ බවත් එම අවස්ථාවේ විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ද ඇති වූ බවත් වාර්තා වනවා.