hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අගෝස්‍තු 16, ප.ව. 2:56


කෙලිගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

තමන්ව මෙරටින් පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගත් තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය ජාතික කෙලිග් ෆ්‍රේසර් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.

ගාලු මුවදොර පිහිටි අරගලයට සම්බන්ධ වූ බවට ප්‍රකාශ කරමින් ඇගේ වීසා අවලංගු කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ගනු ලැබූ තීරණයට එරෙහිව අධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර තිබුණා.