hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 මැයි 07, පෙ.ව. 10:51


IOC තෙල් මිල ඉහළට! ලිහිසි තෙල් ලීටරය 1000යි

අයි.ඕ.සි සමාගම යටතේ පාලනය වන ඉන්ධන පිරවුම්හල් වල ඊයේ (06) දින රාත්‍රියේ සිට සෑම ලිහිසි තෙල් ලීටරයකම මිල රුපියල් 140 කින් ඉහල දමා තිබෙනවා.

සෑම ලිහිසි තෙල් ලීටරයක්ම ඊයේ (06) දින රුපියල් 860 කට අලෙවි කර ඇති අතර නව මිල අනුව සෑම ලිහිසි තෙල් ලීටරයක්ම රුපියල් දහසකට අලෙවි කරනු ලබයි.

අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වල සීමාවකින් තොරව ඉන්ධන නිකුත් කරන අතර, හැටන් ඉන්ධන පිරවුම්හලට ඩීසල් තොග නොලැබුණු බවත්, පෙට්‍රල් ඉන්ධන අවශ්‍ය තරම් ඇති බවත් ඉන්ධන පිරවුම්හලේ සේවකයින් කියා සිටියා.

මේ අතර සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වල දැවි තෙල් මිල ඉහල දමා නොමැති අතර, සිපෙට්කෝ පාලන අධිකාරිය විසින් ඊයේ (06) ලබාදුන් උපදෙස් අනුව පෙට්‍රල් ඉන්ධන පාරිභෝගිකයන්ට නිකුත් කරන බව ඉන්ධන පිරවුම්හලේ සේවකයින් ප්‍රකාශ කළා.

මිල වැඩි විමත් සමග පාරිභෝගිකයන් එම උපරිම මිලට ඉන්ධන මිල දි නොගන්නා බවයි හැටන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ සේවකයින් කියා සිටියේ.

හැටන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ අද (07) දින ඩීසල් ලබා ගැනීමට වාහන කිහිපයක් එම ඉන්ධන පිරවුම්හල අසල ගාල් කර තිබුණද එම ඉන්ධන පිරවුම්හලට මෙතෙක් ඩිසල් ඉන්ධන තොග නොලැබුණු බවයි ඉන්ධන පිරවුම්හල් සේවකයින් කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ