hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 17, ප.ව. 2:07


ඉන්ධන මිල යළිත් ඉහළට! පෙට්‍රල් රුපියල් 35 කින් ඉහළට

ඉන්දියන් ඔයිල් සමාගම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 35 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 75කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියන් ඔයිල් සමාගමේ, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 338 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 367 ක් ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 289 ක් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 327 ක් දක්වා ඉහළ ගියා.