2022 ජූලි 17, ප.ව. 7:33
ලංකා IOC සමාගම ද අද (17) රාත්‍රීයේ ඉන්ධන මිල ගණන් පහළ දැමීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව අද රාත්‍රී 10.00 සිට ලංකා IOC ඉන්ධන මිල මෙලෙස පහත දැමෙනවා.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කෙරෙන අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 450ක් වෙනවා.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 540ක් වෙනවා.
මීට අමතරව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කෙරෙනවා.
ඒ අනුව එහි නව මිල රුපියල් 440ක් වෙනවා.
සුපර් ඩීසල් ඉන්ධන ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර තිබෙනවා.
එහි නව මිල රුපියල් 510ක් වෙනවා.