hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අගෝස්‍තු 14, ප.ව. 5:10


ජාත්‍යන්තර දෙමළ සංවිධාන 6ක තහනම ඉවතට

ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර ද්‍රවිඩ සංවිධාන කිහිපයකට හා පුද්ගලයින් පිරිසකට පනවා තිබූ තහනම ඉවත් කරනු ලැබ තිබෙනවා.

අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය මේ බව සඳහන් කර තිබෙනවා.

එම ගැසට් පත්‍රය අනුව, මෙරට රජය විසින් අදාළ සංවිධාන සහ පුද්ගලයින් වෙත ත්‍රස්තවාදී හෝ වෙන යම් හේතුවක් මත පනවා තිබූ තහනම ඉවත් වෙනවා.

ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, ජාත්‍යන්තර ද්‍රවිඩ සංවිධාන 6කට හා පුද්ගලයින් 316 දෙනෙකුට ලංකා රජය පැනවූ තහනම ඒ අනුව ඉවත් වන බවයි.

ඒ අනුව,

01. ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය
02. ගෝලීය දෙමළ සංසදය
03. ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව
04. ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය
05. කැනේඩියානු දමිළ කොංග්‍රසය
06. බ්‍රිතාන්‍ය දමිළ සංසදය යන සංවිධාන සඳහා පනවා තිබුණු තහනම ඉවත් වනු ඇත.

1968 අංක 45 දරන පනතට අනුව එම තහනම පනවා තිබුණු අතර 2012 අංක 01 දරන එක්සත් ජාතීන්ගේ නියෝගවල 4(7) නියෝගයට අනුකූල එය ඉවත් කර තිබෙනවා.

අදාළ ගැසට් පත්‍රය පහතින්,