hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 28, ප.ව. 5:13


සා පෙළට, උසස් පෙළට හා ශිෂ්‍යත්ව විභාගයට දින නියම වෙයි

2021 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය මෙම වසරේ මැයි 23 වනදා සිට ජුනි 1 දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා පවසනවා.

තවද 2022 උසස් පෙළ විභාගය ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 12 වනදා දක්වාත් පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ඔක්තෝබර් 16 වනදා 2022 වසරට අදාළ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙනු ඇති.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.