hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ඔක්‍තෝබර් 07, ප.ව. 7:38


උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කල් දැමේ

උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ළමුන්ගෙන් සහ මහජන නියෝජිතයන්ගෙන් ලැබුණු ඉල්ලීම් සලකා බලා මෙලෙස එම විභාගය කල් දැමීමට පියවර ගත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් මස 04වන දින පැවැත්වීමට නියමිතව තිබූ ශිෂ්‍යත්ව විභාගය එම මාසයේම 18වන ඉරිදා දින පැවැත්වෙනු ඇති.

මෙම වසරේ දෙසැම්බර් 05වන දින සිට ආරම්භ වීමට තිබු උසස් පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මස 23වන දින සිට පෙබරවාරි 17වන දින දක්වා පවත් වීමටයි කටයුතු කර ඇත්තේ.