hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූලි 18, පෙ.ව. 7:46


රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකාව තුළ අද (18) සිට නැවතත් හදිසි නීතිය බලාත්මක කර තිබෙනවා.

වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ(17) රාත්‍රියේ නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්වයක් පැවතීම හේතු කොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා.