hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 ජූනි 28, ප.ව. 1:43


අකුරැස්සේ කපුවා ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

අකුරැස්ස, තිබ්බටුවාව ප්‍රදේශයේ කපුවෙකුගේ ගෙළ කපා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරුගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

අත්අඩංගුවට ගත් මව සහ පියා වයස අවුරුදු 64 සහ 69 වයස්වල පසුවන තිබ්බොටුවාව, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් අද (28) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම ඝාතනය සිදු කළ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අකුරැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.