hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 නොවැම්‍බර් 19, ප.ව. 1:56


මන්නා කන්නාට වෙඩි

පාතාල කල්ලි සාමාජිකයෙක් බව කියන “මන්නා කන්නා” නැමැති පුද්ගලයාට නාඳුනන අයෙක් වෙඩි තබා තිබෙනවා.

ඒ ග්‍රෑන්ඩ්පාස් – නවගම්පුර ප්‍රදේශයේදීයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඔහුගේ අතට සහ හිසට වෙඩි වැදී ඇති බවයි.

වෙඩි තැබූ පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.