2022 ජූලි 28, ප.ව. 2:46
ජනාධිපති මන්දිරය තුළට අයුතු ලෙස ඇතුලු වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් සිව් දෙනෙකු ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
එම සැකකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරුණා.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කොටුව පොලීසිය කියා සිටියේ ජනාධිපති මන්දිරය තුළ තිබූ මුදල් පිරිසක් ගණන් කරමින් සිටි ස්ථානයේ මෙම සැකකරුවන්ද සිටි බවයි.