2022 නොවැම්බර් 08, පෙ.ව. 11:20
කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිදුවූ සිදුවීමට අදාළව අධිකරණයට ඉදරිපත් කළ රැඳවියන් 202ක් නොවැම්බර් 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව පොලිසිය පවසනවා.
පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර පෙරේදා (06) රාත්‍රියේ දහයට පමණ ගැටුමක් හටගත්තා.
තත්ත්වය පාලනය කිරීම සඳහා අරලගන්විල, මනම්පිටිය, වැලිකන්ද, හිඟුරක්ගොඩ, පුලස්තිගම යන පොලිස් ස්ථානවලින් සහ යුද හමුදා සාමාජිකයින්ද කැඳවා තිබුණා.
එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් කඩිනමින් තමන්ට ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතාට දන්වා තිබෙනවා.
කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් රැඳවූවන් 201 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
පොළොන්නරුව මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබා දී ඇත්තේ.
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ කලහකාරී සිදුවීමෙන් පසු රැඳවූවන් 514 දෙනෙකු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබූ බවයි.
කෙසේවෙතත් තවත් රැඳවූවන් 30 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බව වාර්තා වෙනවා.