hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 අප්‍රේල් 19, පෙ.ව. 8:51


සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට

ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 338ක් ලෙසයි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 373ක්.

ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක නව මිල 289ක් ලෙස සටහන් වනවා.

ඒ අනුව සුපිරි ඩීසල් ලීටරයක නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 329ක් ලෙසටය.