2022 ඔක්‍තෝබර් 27, ප.ව. 12:47
ගිනිගත්හේන නගර මධ්‍යයේදි පාසල් සිසුවෙකු අනතුරට පත් කර එම සිසුවා එම ත්‍රිරෝද රථයේම නංවාගෙන ගොස් අතරමග දමා පලා ගිය ත්‍රිරෝද රථයේ රියදුරා ගිනිගත්හේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (26) දින හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ෆරුක් ඩින් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මේ මස 31 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ යටියන්තොට මිපිටිකන්ද ප්‍රදේශයේ පදිංචි පලනිසාමි උපාලි නැමති 26 හැවිරිදි අයෙක්.
සැකකරු ඉකුත් 22 වන දින හැටන් සිට යටියන්තොට දක්වා ත්‍රිරෝද රථය ධාවනය කරන අවස්තාවේ ගිනිගත්හේන නගරය මධ්‍යයේදි සුදු ඉර සිමාවෙන් පාසල් සිසුවෙකු පාර මාරුවිමට ගිය අවස්තාවේ අනතුරට පත් කර එම පාසල් සිසුවා රෝහල් ගත කරන බවට පවසා ත්‍රිරෝද රථ රියදුරා එම පාසල් සිසුවා ත්‍රිරෝද රථයේම නංවාගෙන ගොස් ප්‍රතිකාර ලබා ගන්නා ලෙස රු 500 මුදලක් පාසල් සිසුවා වෙත ලබා දි පාසල් සිසුවාව ගිනිගත්හේන කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුගල ප්‍රදේශයේ දමා ගොස් තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් සිසිටිවි දර්ශන ඔස්සේ පරික්ෂණ පැවැත්වු ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් සැකකරු සහ ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ.
රිය අනතුරක් සිදු කර පලායාම , අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය කිරිම , රිය අනතුරක් පොලිසිය වෙත වාර්තා නොකිරිම , තුවාලකරු රෝහල්ගත නොකිරිම ඇතුළු චෝදනා පහක් යටතේ බි වාර්තාවක් මගින් සැකකරුව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.