hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අගෝස්‍තු 31, පෙ.ව. 11:30


විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත සිකුරාදා සිට නිකුත් කෙරේ

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙවර සිසුන් 42,519ක් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට නියමිතව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවා.

ඒ අනුව වෛද්‍ය පීඨවලට සිසුන් 2,035ක් ඇතුළත් කෙරෙන අතර රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉංජිනේරු පීඨවලට සිසුන් 2,238ක් ඇතුළත් කිරීමට නියමිතයි.

එළඹෙන 2022 වසර සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන අයදුම්පත් අන්තර්ජාලය හරහා යොමු කළ යුතු බව ඒ මහතා පැවසුවා.

ඒ අනුව සැප්තැම්බර් 05 සිට සැප්තැම්බර් 23 දක්වා අයදුම්පත් කැඳවීමට නියමිතව ඇත. අයදුම්පත් කැඳවීමේ කාලසීමාව තුළ සතියේ දින 05 සහ සති අන්තයේ උදෑසන 8:30 සිට සවස 6:00 දක්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තොරතුරු මධ්‍යස්ථානය විවෘතව තැබෙන බව ද ඔහු සඳහන් කළා.

ඒ සඳහා අවශ්‍ය වැඩිදුර තොරතුරු 0112695301 හෝ 0112695302 දුරකථන අංක ඔස්සේ විමසීම් කළ හැකියි. 

විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත එලඹෙන සිකුරාදා (සැප්තැම්බර් 02) සිට පොත්හල් වලට නිකුත් කරන බවත් සෙනසුරාදා දින සිට ඒ හරහා ලබාගත හැකි බවයි සභාපතිවරයා සඳහන් කළේ.