2022 අගෝස්‍තු 16, ප.ව. 12:25
නුවරඑලිය බස් නැවතුම්පොලින් දිනපතා දුර සහ කෙටි දුර ධාවනය කරන පෞද්ගලික බස් රථ හිමියන් අද (16) වැඩ වර්ජනයක් ආරම්භ කිරිම හේතුවෙන් මගින් දැඩි අසිරුතාවයට පත් වි සිටි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
නුවරඑලිය ලංගම ඩිපොව මගින් පෞද්ගලික බස් රථ සදහා අද (16) දින සිට ඉන්ධන නිකුත් නොකරන බව පවසමින් නුවරඑලිය පෞද්ගලික බස් සංගමය විසින් වැඩ වර්ජනය ආරම්භ කර තිබුණේ.
නුවරඑලිය ලංගම ඩිපෝවේ කොන්දොස්තරවරයෙකු සහ නුවරඑලිය පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු අතර මීට දින කිහිපයකට ප්‍රථම මහනුවර බස් නැවතුම්පොලේදි ඇති වුවේ යැයි කියන ගැටුමක් හේතුවෙන් නුවරඑලිය ලංගම ඩිපෝවේ සේවකයින් විසින් පෞද්ගලික බස් රථ වලට ඉන්ධන නිකුත් කිරිම ප්‍රතික්ෂේප කිරිම නිසා මෙම වර්ජනය ආරම්භ කල බවයි නුවරඑලිය පෞද්ගලික බස් රථ සංගමයේ නිලධාරින් කියා සිටියේ.
දෙපාර්ශවය අතර ඇති වු ගැටළුකාරි තත්ත්වය පිලිබදව දෙපාර්ශවයම නුවරඑලිය පොලිස් ස්ථානයට කැදවා නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරි 02 අනුර බණ්ඩාර නුවරඑලිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිශාන්ත බණ්ඩාර යන මහතුන් සාකච්ඡා කිරිමෙන් පසු යලිත් නුවරඑලිය ලංගම ඩිපෝව මගින් පෞද්ගලික බස් රථ සදහා ඉන්ධන නිකුත් කිරිමට ඩිපෝ කලමණාකාරවරයා එකගතාවය පල කිරිමෙන් අනතුරුව වැඩ වර්ජනය අවසන් කිරිමට නුවරඑලිය පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය තිරණය කරනු ලැබුවා.
පෞද්ගලික බස් රථ වර්ජනය හේතුවෙන් පැය හයක පමණ කාලයක් මගින් දැඩි අසිරුතාවයට පත්ව සිටියා.
හැටන් – රංජිත් රාජපක්ෂ