hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ඔක්‍තෝබර් 10, පෙ.ව. 11:42


එරෝෆ්ලොට් නැවත පැමිණෙයි

‘Aeroflot’ ගුවන් ගමන් යළි ආරම්භ කරමින් රුසියාවේ මොස්කව් සිට Aeroflot ගුවන් යානයක් කටුනායකට ළඟා වී තිබෙනවා

පසුගිය ජූනි මාසයේදී සංචාරකයින් ඇතුළු මගීන් පිරිසක් සමග කටුනායක සිට රුසියාවේ මොස්කව් නුවර බලා ගුවන් ගතවීමට නියමිතව තිබූ එරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් A 330 ගුවන් යානය අධිකරණ නියෝගයක් මත රඳවා ගැනීමට ගුවන් තොටුපළ බලධාරීන් කටයුතු කරනු ලැබුවා.

ඒ අයර්ලන්ත රක්‍ෂණ සමාගමකට රක්‍ෂණ වාරික නොගෙවීමේ සිද්ධියක් හේතුකොටගෙන කොළඹ වාණිජ අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි

මේ හේතුව මත ‘Aeroflot’ ගුවන් ගමන් ජූනි මාසයේ සිටම මෙරටට පැමිණීම අත්හිටුවා තිබුණා.