hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 දෙසැම්‍බර් 09, ප.ව. 3:34


ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීමේ අවසන් දිනය ප්‍රකාශයට පත් කෙරේ

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගනිමින් උපකාරක පන්ති පැවැත්වීම තාවකාලිකව තහනම් කර තිබෙනවා.

ඒ ශිෂ්‍යත්ව විභාගය මෙම මාසයේ 18වනදා පැවැත්වීමට තීරණය කර ඇති බැවින්.

ලබන 14වනදා මධ්‍යම රාත්‍රී 12සිට විභාගය අවසන් වන තෙක් මෙලෙස උපකාරක පන්ති පැවැත්වීම තහනම් වනු ඇති.

එසේම උපකාරක පන්ති පැවැත්වීම, සංවිධානය කිරීම සහ මෙහෙයවීම මෙන්ම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීමද තහනම් වනවා.

ඊට අමතරව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීමද තහනම් වනු ඇති.

විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් හෝ සමාජ මාධ්‍යජාලා මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීමද තහනම් බවයි විභාග කොමසාරිස්වරයා නිවේදනය කළේ.