hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 මැයි 15, ප.ව. 4:21



වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (15) යෙදී තිබෙනවා.

2019 වසරේ බුදු තෙමඟුල සැමරීමට ආසන්නව කාලසීමාවකදී සිදු වු පාස්කු ඉරු දින ප්‍රහාරයත් සමග වෙනත් වසරවල උත්කර්ශවත් ලෙස සමරන වෙසක් උත්සවය අත්හැර දැමීමටයි ලක් වාසීන්ට සිදුවුයේ.

ඉන් අනතුරුව 2020, 2021 වසර දෙක තුළද මාරාන්තික කොවිඩ් උවදුර පැතිරයාමත් සමග මෙරට ජනතාවට වෙසක් සැමරුම් අතහැර නිවසටම වී කල් ගෙවීමයි සිදු වුයේ.

ගාලු මුවදොර අරගල භුමියේ වෙසක් පොහොය නිමිත්තෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

ඒ වගේම දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වෙසක් දන්සැල් ලබා දී තිබෙනවා.

වෙසක් පොහෝ දිනය නිමිතිකොටගෙන බදුල්ල පිංඅරාව ව්‍යාපාරික එකමුතුව විසින් සංවිධානය කරන ලද මඤ්ඤොක්කා දන්සැලක් පොහොය දින දහවල් බදුල්ල පිංඅරාවේදී පැවැත්වුණා.

සම්බුදු වෙසක් තෙමගුල නිමිත්තෙන් හැටන් බණ්ඩාරනායකපුර  සමනලගම තරුණ ප්‍රජාව සහ ප්‍රදේශවාසින් විසින් අද (15) දින බත් දන්සැලක් පවත්වනු ලැබුවා.

හැටන් බණ්ඩාරනායකපුර විහාරස්ථානය අසල එම තරුණ ප්‍රජාව විසින් බත් පාර්සල් 3000 ක් ප්‍රදේශයේ ජනතාවට බෙදා හැරිම සිදු කරනු ලැබුවා.