hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 මැයි 15, ප.ව. 4:06



වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (15) යෙදී තිබෙනවා.

2019 වසරේ බුදු තෙමඟුල සැමරීමට ආසන්නව කාලසීමාවකදී සිදු වු පාස්කු ඉරු දින ප්‍රහාරයත් සමග වෙනත් වසරවල උත්කර්ශවත් ලෙස සමරන වෙසක් උත්සවය අත්හැර දැමීමටයි ලක් වාසීන්ට සිදුවුයේ.

ඉන් අනතුරුව 2020, 2021 වසර දෙක තුළද මාරාන්තික කොවිඩ් උවදුර පැතිරයාමත් සමග මෙරට ජනතාවට වෙසක් සැමරුම් අතහැර නිවසටම වී කල් ගෙවීමයි සිදු වුයේ.

ගාලු මුවදොර අරගල භුමියේ වෙසක් පොහොය නිමිත්තෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

ඊයේ (14) රාත්‍රියේ සිට වෙසක් පොහොය සැමරීම සඳහා අරගල භුමියේ පිරිස් කටයුතු සුදානම් කරමින් සිට තිබෙනවා.

අද පෙරවරුවේ භික්ෂුන් වහන්සේ වැඩම කරවමින් ධර්ම දේශනා වැඩසටහනක් පැවැත්වුණු අතර, වෙසක් උත්සවය සමරමින් තවත් වැඩසටහන් රැසක් දිනය පුරා ගාලුමුවදොර අරගල භුමියේ පැවැත්වීමට නියමිතයි.

මේ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවත්වෙන විරෝධතාවයේ විරෝධතාකරුවන්ද වෙසක් උත්සවය සැමරීමට පියවර ගෙන තිබෙනවා.

https://youtu.be/2ZyJF80b8Zw