hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූලි 03, ප.ව. 4:03



උපුල් ශාන්ත සන්නස්ගල කියලා කියන්නේ හැමෝම දන්නා කියන චරිතයක්.

ඔහු ගැන අමුතුවෙන් හදුන්වලා දෙන්න අවශ්‍ය නැහැ.

ඒ වගේම තමයි ජැක්සන් ඇන්තනී කියලා කියන්නෙත් හැමෝම දන්නා කියන පුද්ගලයෙක්.

ඉතින් හැමෝම ආදරය කරන මේ කලා ශිල්පියා ඊයේ රෑ අනතුරකට ලක් වෙනවා.

ඔහු ඇතුළු පිරිසක් ගමන් ගත් මෝටර් රථය ප්‍රදේශයේ වල් අලියකුගේ සිරුරේ ගැටීමෙන් අනතුරකට ලක් වී තිබෙනවා.

ඇන්තනී මහතා ඇතුළු පිරිස තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

අනතුරින් ජැක්සන් ඇන්තනී මහතාගේ ගෙලේ අස්ථි දෙකකට සහ පෙනහළුවලට හානි සිදුව ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

ඉතින් හැමෝම ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පියා වෙනුවෙන් සටහනක් තබන්න උපුල් ශාන්ත සන්නස්ගල මහතා අමතක කර තිබුණේ නැහැ.

ඔහු සිය මුහුණු පොතේ තැබූ සටහන පහතින්,