hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අගෝස්‍තු 05, ප.ව. 2:45



සුනඛයෙකු දඩයම් කිරිම සදහා ලුහුබැද පැමිණි කඳුකර කොටියෙකු වතු නිවසක වහල මතට පනින අවස්තාවේ නිවසේ වහල කඩාගෙන නිවසේ නිදන කාමරයට කොටියා වැටි නිවස තුල කොටු වි ඇති බව ලිදුල පොලිසිය පැවසුවා.

ලිදුල පොලිස් වසමට අයත් ලෝගි වතු යායේ වතු නිවසකට ඊයේ (04) රාත්‍රි 10.00ට පමණ කදුකර කොටියා වැටි තිබෙනවා.

කඳුකර කොටියා නිවස තුලට වැටෙනවාත් සමඟ නිවසේ පදිංචිකරුවන් කලබල වී නිවසේ දොර වසා දමා එළියට දිවගොස් දිවි බේරා ගෙන තිබෙනවා.

නිවාස හිමියා වන එස්.සුරේෂ් කියා සිටියේ ඊයේ (04) රාත්‍රි 10.40 ට පමණ තමන් රූපවාහිනිය නරඹමින් සිටියදී එකවරම විදුලිය විසන්ධි වූ බවත්, එම අවස්තාවේ දැඩි අයහපත් කාලගුණයක් පැවති බවත්, එකවරම විශාල ශබ්දයක් ඇසුණු බවත්, පසුව ගොස් පරික්ෂා කිරිමේදි කදුකර කොටියෙකු තමන් ගෙල දෙසට පැන්න බවත් එම අවස්තාවේ කදුකර කොටියාගෙන් මිදී බිරිද සහ දරුවා රැගෙන නිවසේ දොර වසා එළියට පැමිණි දිවිබේරා ගත් බවයි.

නිවස තුල කොටු වී සිටි කඳුකර කොටියා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා එම ස්ථානයට පැමිණි නිවස තුල පැය 16ක් කලබලකාරි ලෙස හැසිරෙමින් සිටි කදුකර කොටියා දැඩි පරිශ්‍රමයක් දරා නිර්වින්දනය කර අල්ලා ආරක්ෂිත කුඩුවක දමා රැගෙන ගොස් තිබෙනවා.

ලෝගි වතුයායේ තේ වත්තේ සැරිසරන කඳුකර කොටින් රාත්‍රි කාලයේ ගොදුරු සොයා වතු නිවාස වලට පැමිණෙන බවත්, එසේ පැමිණි කදුකර කොටියෙකු වතු කම්කරුවන් සුරතලේට ඇති කරන සුනඛයෙකු ගොදුර කර ගැනිම සදහා පැමිණි අවස්තාවේ මෙම අනතුරට පත් වි ඇති බවයි ලිදුලි පොලීසිය සැකකරන්නේ.

නිර්වින්දනය කර අල්ලා ගත් කදුකර කොටියා සුදුසු පරිසරයකට මුදා හැරිමට කටයුතු කරන බවයි නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ