hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූලි 06, ප.ව. 8:27



පොහොර ලබාදෙන ලෙස සහ වගා හානිවලට වන්දි ලබාදෙන ලෙස බලකරමින් සහ තවත් ගැටළු කිහිපයක් මුල් කරගනිමින් අද කොළඹදී විරෝධතා කිහිපයක් සංවිධාන කර තිබුණා.

වගා හානිවලට වන්දි ඉල්ලා සමගි ගොවි බලවේගය කොළඹ මහාධිකරණයේ නඩුවක්ද පැවරීමට කටයුතු කළ අතර, පසුව ඔවුන් කොළඹ මහාධිකරණය අසල සිට පාගමනින් ජනාධිපති මන්දිරය දෙසට පැමිණියා.

කෙසේ වෙතත්, චැතම් වීථිය අසලින් ආරක්ෂක අංශ මාර්ග බාධක යොදා මාර්ගය අවහිර කර තිබීම හේතුවෙන් විරෝධතාකරුවන් සහ පොලිසිය අතර එම ස්ථානයේදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණේ ඔවුන් මාර්ග බාධක බිඳගෙන ඉදිරියට යෑමට උත්සාහ කිරීමත් සමඟයි.

එහිදී තත්ත්වය පාලනය කිරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

එහිීදී සාමාන්‍ය ජනතාවද පීඩාවට පත්වූ අතර, කුඩා දරුවෙකුද කඳුළු ගෑස් ප්‍රහාරයට ලක් වූයේ මෙලෙසයි.