2022 සැප්‍තැම්‍බර් 03, ප.ව. 3:36
මේක අපි හැමෝටම අමාරු කාලයක්නේ.
කඩවල්වල බඩු එන්න එන්නම ගනන් යනවා. කෑම පැකට් එකක ගාන දෙගුණ තෙගුණ වෙලා.
අත පය හතර හයිය අය එදා වේල කොහොමහරි හම්බ කරගෙන කනවා.
ඒත් හිතන්න…
එහෙම කරගන්න බැරි අන්ත අසරන මිනිස්සු දවසට එක වේලක්වත් කන්න නැතිව මේ රටේ කොච්චර දුක්විඳිනවා ඇත්ද?
මේත් ඒ වගේ කතාවක්.
එක්තරා තරුණයෙක් සමාජ මාධ්‍යයේ පල කරපු තමන් අත්විඳපු සිදුවීමක් මේ.
එය ඔහු පවසන ආකාරයටම පහත සඳහන් කරනවා.
“දවල්ට කන්න අද කොළඹ කඩේකට ගිය වෙලාවේ මම කකා ඉන්නකොට දැක්කා ටිකක් අසරණ වගේ මනුස්සයෙක් ආවා කඩේ ටැප් එකට. ඇවිත් වතුර ගොඩාක් බිව්වා. ඊට පස්සේ යන්න ගියා. මට තේරුනා වැඩේ මේ මනුස්සයා බඩගින්නට වතුර බිව්වේ කියලා. මගේ කෑම පැත්තක තියලා මම ගිහින් ඇහුවා අංකල් දවල්ට කාලද කියලා. නෑ කිව්වා. බත් ටිකක් කමුද ඇහුවා. හා කිව්වා. බත් එකක් අරන් දීලා ජෙලි එකකුත් අරන් දුන්නා. කන විදියට කඳුළු එනවා ඇහැට. මෙවැනි ජීවිත කොතෙක් නම් මෙලොව ඇතිද ? මිනිස්සු කොතරම් අසරණ වෙනවාද ? සංසාරය නම් අති භයානකයි!”
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:29
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:59
2022 දෙසැම්බර් 23, ප.ව. 1:57
2022 දෙසැම්බර් 23, ප.ව. 12:59
2022 දෙසැම්බර් 23, ප.ව. 12:07