hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අගෝස්‍තු 22, ප.ව. 3:28



බිබිල රදලියද්ද ගම්මානයේ රෝගී මවක් දරුවන් තිදෙනෙකු සමග මේ දින වල පවතින ආර්ථික දුෂ්කරතා නිසා කොස් ඇට ආහාරයට ගනිමින් පැල්පතක ජීවත්වීමේ පුවතක් වාර්තා වෙනවා.

රදලියද්ද  ඉගියන්ගොඩ ගම්මානයේ පැල්පතක ජීවත්වන ස්වාමිය අහිමි වු ඩී.එම් පත්මාවතී මව හා ඇයගේ පාසල් යන වයසේ පසුවන දරුවන් තිදෙනා සමග වසර ගණනාවත් තිස්සේ දුක්ඛිත දිවියක් ගත කරන බව ඇය පවසයි.

ගම්මානයේ තිබෙන වැව් ස්මත්තේ වැවී ඇති පළාවර්ග නෙළා ගම්මානයේම නිවෙස් වලට විකුණා දිනකට ලැබෙන රුපියල් 200-300ක මුදලින් දරු තිදෙනා ජීවත් කරවීමට ඇය වෙහෙස වෙනවා.

තම දරු තිදෙනාට දිනකට එක ආහාර වේලක් පවා ලබා දීමටත් නොහැකිව සිටින ඇය ඵළා වර්ග විකුණා ලැබෙන මුදලින්  නිවසට ගෙන එන හාල් කිලෝව ඉවර වුවයෙින් පසු නැවත මුදලක් සොයා ගන්නා තෙක් දරුවන්ට  තුන්වේලටම කොස් ඇට පමණක් ආහාරයට දුන් අවස්ථා තිබුන බව ඇය පවසනවා.

පාසල් යන දරුවන්ට පාසල් උපකරණ ඇතුලු ඇදුම් කිසිවක් ප්‍රමාණවත් තරම් නැති බවත් රාත්‍රි කාලයේ කුප්පි ලාම්පුවෙන් පාඩම් කිරීමට භුමිතෙල් නොමැති බවත් පත්මාවතී කියයි.

ඩී.එම් පත්මාවතී මහත්මිය මෙසේ පවසා සිටියා,

“මගේ ස්වාමියා මියගොස් සිටිනවා. මමත් දරුවන් තිදෙනාත් සමග මගේ අම්මා දුන් ඉඩමක පැළක් හදාගෙන පොලිතීන් ආවරණය කරගෙනයි ජීවත් වෙන්නේ වැසිකිලි,ජලය ඇතුලු කිසිදු පහසුකමක් අපිට නෑ,වැස්සට තෙමෙනවා වැඩිවියට පත් ගෑනු දරුවන්ට මේ නිවසේ ජීවත්වීම අනාරක්ෂිතයි. දරුවන් ජීවත් කරවන්න මම වැවට ගිහින් මුගුණුවැන්න ඇතුලු පළාවර්ග කඩලා ගමේ ගෙවල් වලට විකුණා ගන්නා සොචිචම් මුදලකින් තමයි දරු තිදෙනා ජීවත් කරවන්නේ. රජයෙන් කිසිම දෙයක් ලැබිලා නෑ.දරුවන්ට රැට පාඩම් කරන්න ලාම්පුවට දාන්න භුමිතෙල් නෑ. අපේ දුක අහන්න මේ වෙන තෙක් කවුරුත් ආවේ නෑ අපිට කියන්න කෙනෙක් නෑ.මම ඉන්නෙත් අසනීපයෙන්  බෙහෙත් ගන්නත් ක්‍රමයක් නෑ මගේ දරුවන් තිදෙනාට ඉගෙන ගන්න උදව් කරන්න කවුරු හරි ඉන්නවානම් අපිට ඒ ඇති”