2022 අගෝස්‍තු 20, පෙ.ව. 10:25
පසුගිය දවසක සමාජ මාධ්‍ය පුරාවටම කතා කරපු එක්තරා සුවිශේෂී චරිතයක් හිටියා.
ඒ වෙන කවුරුවත් නෙවෙයි සෙව්වන්දි මෑණියෝ.
පසුගිය දවසක එක්තරා පෝය වැඩසටහනක් තුළදී ජාතික රූපවාහිනිය මැදිරියට සෙව්වන්දි මෑණියන් ඒ වගේම වෛද්‍යවරයෙක් සහ ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරවනවා.
ඉතින් ඔවුන්ගේ මූලිකම අරමුණ වුණේ අදුශ්‍යමාන බලවේගය කියන එක ඇත්තද නැත්තද කියන දේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමයි.
කෙසේ නමුත් මේ අවස්ථාවේ දී සෙව්වන්දි මෑණියෝ නමින් හඳුන්වන මේ වයස විසිහතක් වයසැති තරුණිය ඇයට කළ හැකි බොහෝ දේවල් කර පෙන්වන්නට උත්සහ දැරුවා.
ඒ වගේම මේ අතරින් සුවිශේෂීම දේ උනේ ඇය මැදිරියට අරගෙන එනවා මුඩ්ඩක් තියෙන පොල් ගෙඩියක්.
ඉතින් මේ පොල් ගෙඩිය ඇය අල්ල මත තියාගෙන ඇඟිලි වලින් අල්ලන් නැතුව කෙලින් කරන්න පුළුවන් කියලා කරලා පෙන්නනවා.
ඉතින් ඒ අවස්ථාවේ ද පොල් ගෙඩිය ඇගේ අතින් ගිලිහීමකුත් සිද්ධ වෙනවා.
ඒ වගේම තමයි ඇය කියනවා බිත්තරයක් ගෙනල්ලා ඒ බිත්තරය අතින් තදකරලා කඩන්න බැහැ කියන තර්කය.
කෙසේ නමුත් මේ සියලුම කාරණා ඇයට සීයට සීයක්ම සාර්ථකව ඔප්පු කරන්න හැකියාව ලැබුණේ නැහැ.
ඒ සිදුවීම ප්‍රයෝජනයට අරගෙන අද වෙද්දි සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනෙක් ඇයව හාස්‍යයට ලක් කරලා තියනවා.
ඉතින් ඒ ප්‍රසිද්ධිය හොඳට හෝ නරකට සිද්ධ වුණාට පසුව ඇය පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට සම්බන්ධ වෙලා අදහස් කිහිපයක් ඉදිරිපත් කළේ මේ විදිහටයි.
“මම බිත්තරයක් කෙලින් කරා තමයි. පොල් ගෙඩියක් කෙලින් කරා තමයි. හැබැයි අසභ්‍ය විදිහට නෙවෙයි මහජනතාවක් ඉදිරිපිට. මොකද නොයෙක් කුණු කතන්දර එල්ලවෙලා තියෙනවා. මං කෙලින් කරපු බිත්තරයේ මං කෙලින් කරපු පොල් ගෙඩියේ සත්‍යතාවය මං ගාවට ඇවිල්ලා වැඩ කරගත්තු උදවිය දන්නවා. මම ඔය මඩ ප්‍රචාරය කරන ගොඩක් අයට කියනවා ප්‍රසිද්ධියේ මාධ්‍ය හරහා නෙවෙයි මුහුණට මුහුණ මාත් එක්ක තර්ක කරන්න එන්න කියලා. මම මේක විනෝදකාමී ව කරන දෙයක් නෙවෙයි. ගොඩක් අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට කරන දෙයක්. “
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:29
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:59
2022 දෙසැම්බර් 23, ප.ව. 1:57
2022 දෙසැම්බර් 23, ප.ව. 12:59
2022 දෙසැම්බර් 23, ප.ව. 12:07