2022 ජූලි 23, ප.ව. 3:55
අපි අද කතා කරන්න බලපොරොත්තු වෙන්නේ පුංචි තිරයේ අප බොහෝදෙනා ආදරය කරන සංගිතයේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන නළුවා වන මහි හෙවත් ලවන් අභිශෙක්ගේ පෙම්වතිය ගැන.
ඇය සචිනි දිල්හාරා.
ඇයත් මේ වන විට රංගනයට අවතිරනය වෙමින් තමා සිටින්නේ. ඒ වගේම ඇය දක්ෂ රංගන ශිල්පිනයක් හා ගායිකාවක්.
ඇය මේ දවස් වල අහස් මාළිඟා ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙනවා.
ඇය තාමත් අවුරුදු 23 වන සුරූපී යුවතියක්.
මේ වෙනකොට රූපවාහිනි වෙළඳ දැන්වීම් තුළිනුත් මුණ ගැහෙන ඇය පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් සමඟ ඇගේ මතක මේ විදිහට අවදි කර තිබුණා.
ජීවිතේ ආදරේ නැති වීම අයට බලපෑ ආකාරය සම්බන්ධයෙන් ඇය මෙසේ අදහස් දක්වා සිටියා,
“මම ගොඩක් වැටුණා.. ගොඩක්… මොකද රිලේශන්ශිප් අතින් ගත්තොත් ඒක තමා ගොඩක්ම වැටුණ තැන. මම ලෙඩ වෙලා හොස්පිට්ල් හිටියා. ඩිප්‍රෙශන් වෙලා හිටියා. තමන්ට දෙයක් වෙද්දි ඒක අමාරුයි කොච්චර අනිත් අයට ඇඩ්වයිස් දුන්නත්. පපුව රිදෙන එක මට දැණුනා. ඒකෙන් පස්සෙ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ආදරේ කියන්නෙ තමන්ගේ කරගෙන ළඟ තියාගෙන ඉන්න එක නෙවෙයි. ඒ කෙනා ඈත් වුණත් ආදරේ නැතිවෙන් නෑ. ඈතින් ඉඳන් වුණත් එයා හොඳින් ඉන්නවා නම් සතුටු වෙන්න පුළුවන්. හැබැයි එයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා නම් සතුටු වෙන්න බෑ. ඒකත් එක්ක මං ඇග්‍රී වෙන්නෙත් නෑ. තරහකුත් නෑ. දුකක් දැනෙනවා. හැබැයි ඉතින් තරහා හිතේ තියාගෙන ඉන්න බෑ මට. තාම වොරි වෙනවා නම් මම ඒක තමයි ආදරේ… මං දැන් කම්ප්ලිට්ලි කියන් නෑ. ආදරයක් ඕනි කියලා මම දැන් හිතන් නෑ.“
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:29
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:59
2022 දෙසැම්බර් 23, ප.ව. 1:57
2022 දෙසැම්බර් 23, ප.ව. 12:59
2022 දෙසැම්බර් 23, ප.ව. 12:07